Friday, April 26, 2024

General line - 0115112241

අලුත් කොරෝනා රැල්ල හමුවේ චීනයේ දේශීය වෙදකමත් හාන්සියි




කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාරයක් ලෙස චීනය තුළ බහුලව භාවිතා වූ Lianhua Qingwen නම් දේශීය ඖෂධයක් අසාර්ථක බවට අනාවරණය කිරීමත් සමග එම නිෂ්පාදනය මෙන්ම අදාළ සමාගම ද දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති බව වාර්තා වනවා.

Dingxiang Yisheng  නම් සෞඛ්‍යය මාධ්‍යක් පසුගියදා සදහන් කළේ,  කොවිඩ්-19 දේශීය චීන ඖෂධ මගින් වැළැක්විය නොහැකි බවයි.

ඒ අනුව කොවිඩ් වැළක්වීම සදහා එවන්  ඖෂධ නොගන්නා ලෙස ද අදාළ මාධ්‍යය මහජනතාවට උපදෙස් නිකුත් කළා.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඉලක්ක වුණේ මේ වන වි‍ට කෝවිඩ් පාලනය සදහා චීනයේ මෙන්ම ෂැංහයි ද ප්‍රසිද්ධියට පත්ව ඇති චීන ඖෂධ නිෂ්පාදකයකු සහ සැපයුම්කරු වන Shijiazhuang Yiling Pharmaceutical නිෂ්පාදනය කරන Lianhua Qingwen නම් ඖෂධයයි.

නව අනාවරණයත් සමග දේශිය චීන ඖෂධ නිෂ්පාදකයින්ගේ කීර්ති නාමයට දැඩි පහරක් එල්ල වී ඇති බව ද සදහන්. 

අදාළ Lianhua Qingwen නිෂ්පාදනය  මගින් Shijiazhuang Yiling Pharmaceutical සමාගමේ අදායමෙන් සියයට 40 ක් වාර්තා වී ඇති අතර කොවිඩ් වැළැක්වීමේ අකාර්යක්ෂමතාව පිළිබඳව හෙළිදරව්වත් සමග එම සමාගමේ වෙළඳපල වටිනාකම යුවාන් බිලියන 6.7 කින් (USD බිලියන 1.05) පහළ බැස ඇති බව ද වාර්තාවනවා.