Friday, April 26, 2024

General line - 0115112241

බැංකු වලින් කලබල වෙලා සල්ලි ගන්න එපා : මහ බැංකුව යටතේ සියලු බැංකු සුරක්ෂිතව මෙහෙයුම් කටයුතු සිදුකරනවා - NDB බැංකුවේ නියෝජ්‍ය උප සභාපති



බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් ආපසු ලබාගැනීමට මේ මොහොතේ හදිසි නොවන්නැයි NDB බැංකුවේ නියෝජ්‍ය උප සභාපති ඉන්දික කුඩාගමගේ පවසනවා. රට තුළ පවතින්නේ ඩොලර් අර්බුදයක් පමණක් බවත් ඒ හරහා බැංකු පද්ධතිය කඩාවැටීමට මෙතෙක් අවධානමක් නොමැති බවත් ඔහු සඳහන් කළා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

බිලියන 7 ක්ව පවතින රාජ්‍ය වියදම් බිලියන 4  දක්වා අඩුකර ගත යුතු බවයි ස්ටයිලිෂ් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය චමින්ද පී කල්පගේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ. එසේ නොවන්නේ නම් ණය අර්බුදයට කිසිඳා විසඳුමක් නොලැබෙනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.