Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව සමග වෙළඳාමට පාකිස්තානයේ යළි අවධානය




නැවතත් ඉන්දියාව සමඟ වෙළඳ ගනුදෙනු ඇරඹීම සඳහා පාකිස්තානය උනන්දුවක් දක්වන බව පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවල් බූතෝ සර්ධාරි අවධාරණය කර තිබෙනවා.

යුද සහ ගැටුම්වල දිගු ඉතිහාසය ,  කාශ්මීරයේ ඉන්දීය ආණ්ඩුවේ ක්‍රියා සහ මුස්ලිම් විරෝධී ක්‍රියාකාරකම් හමුවේ වුවද ඉන්දියාව සමග සම්බන්ධ නොවී සිටීම පාකිස්තානයේ වුවමනාව නොවන බව ඔහු සදහන් කරනවා.

පාකිස්තානයේ පැවති ඉම්රාන් ඛාන්ගේ ටහ්රීක්-ඉ-ඉන්සාෆ් (පීටීඅයි)  ආණ්ඩුව මෙන් වත්මන් සභාග ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් හුදකලා වී  සිටීමට සූදානම් නොමැති බවයි ඔහු පවසන්නේ.

ආර්ථික වර්ධනය උදාකර ගැනීම සදහා රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලීමට අවධානය යොමු කිරීමට කාලය පැමිණ ඇති බව ද පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවල් බූතෝ සර්ධාරි සදහන් කරනවා.

ඉන්දීය ආණ්ඩුව, ජම්මු , කාශ්මීරය සහ ලඩාක් යන ඇතුළත් වූ ප්‍රාන්තය කොටස් දෙකකට බෙදීමෙන් පසු 2019 දී දෙරට අතර සබඳතා නරක අතට හැරුණා.

එතැන් සිට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිද වැටුණු අතර ද්විපාර්ශ්වික වෙළඳාම ද අත්හිටුවීමටයි පියවර පකිස්තානය කටයුතු කළේ.