Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට තවත් ජයක්




රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බංගලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර අද පැවති තරගය ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 213ක්. තිලකරත්න දිල්ශාන් පන්දු 30කදී ලකුණු 51ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි. තුෂාර් ඉම්රාන් ලකුණු 52යි. පන්දු යැවීමේදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත් අතර තරගයේ වීරයා ලෙස ද ඔහු සම්මාන හිමි කරගත්තා.