Wednesday, April 24, 2024

General line - 0115112241

සොලමන් දුපත් අසල ප්‍රබල භූකම්පනයක්




සොලමන් දුපත් සමුහය අසල රිව්ට්ර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර සිටිනවා.

මේ අතර ඉන්දුනීසියාවේ, ජාවා දුපතේ ඊයේ ඇතිවූ රිච්ටර් මාපකයේ ඒකක 5.6ක අගයකින් යුත් භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 162ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස 700 කට අධික වන අතර කඩා වැටුණු ගොඩනැගිලි වලට යටවී සිටින පුද්ගලයින් සොයා සහන සේවකයින් මෙහෙයුම් දියත් කර ඇත.