Sunday, September 8, 2024

General line - 0115112241

රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනේ

උදය කුමාර




රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට කර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ, මැතිවරණවලදී රිමාන්ඩ් පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළවයි.  

රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද  අයිතිය ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සිරකරුවකු වන සුදේශ නන්දිමාල් ද සිල්වා ගොනු කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් වෙත අගෝස්තු මස 08 වනදා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් එහිදී නියෝග කෙරුණා.