Sunday, September 8, 2024

General line - 0115112241

වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම ජනපතිගේ වගකීමක් - සජිත් මැති සබයේදී කියයි




පොලිස්පතිවරයෙක් නොමැති අවස්ථාවක වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අදහස් දක්වමින්.

අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට නීති ප්‍රතිපාදන නොමැති බවයි.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම සම්බන්ධයෙන්  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙලෙස අදහස් පළ කළා.