Saturday, July 27, 2024

General line - 0115112241

පාසැල් සිසුවියන් මත්ද්‍රව්‍ය වලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් ගැන විදුහල්පතිවරු හෙලි කරයි




පාසැල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ලංකා විදුහල්පති සංගමය පවසනවා. එහි ලේකම් පියසිරි ප්‍රනාන්දු පැවසුවේ වයඹ පළාතේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි. 

වැඩි වශයෙන් පාසැල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත්තේ කුමන ප්‍රදේශවලද ?

පවතින තත්ත්වය පාලනයට ගෙන ඇති පියවර ප්‍රමාණවත්ද ? මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු. 

මේ අතර පාසැල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ඒකකයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.