Wednesday, November 29, 2023

General line - 0115112241

තොරතුරු තාක්ෂණ විෂය 2023 වසරේ සිට අලුත් වෙයි




ශ්‍රී ලංකාවේ තාක්ෂණික දැනුම යාවත්කාලීන විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. එසේම මෙරට දැනුම ඉතා ඉහළ මට්ටමක පැවතිය ද එය ප්‍රායෝගිකව භාවිත කිරීමේදී ගැටළුකාරී තත්ත්වයන් උද්ගත වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

ජාතික මට්ටමින් පවත්වන ලද “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සූරයෝ” තරගාවලිය ජයග්‍රහණය කළ සිසුන්ට සහ ඔවුන්ගේ ගුරුවරුන් වෙනුවෙන් ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම අදහස් පළ කළා.