Sunday, May 5, 2024

General line - 0115112241

රුසියාවට සහ චීනයට එරෙහිව නව සම්බාධක ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජනපදයේ සූදානමක්




රුසියාවේ සහ චීනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉලක්ක කර ගනිමින් දෙරටට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය නව සම්බාධක ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරනවා.

ඊට අනුව සම්බාධකවලින් කොටසක් ගෝලීය මැග්නිට්ස්කි පනතට සම්බන්ධ වන අතර එය ලොව පුරා විදේශීය රජයේ නිලධාරීන්ට අවසර දීමට එක්සත් ජනපද රජයට බලය පවරන නීතියක්.

සම්බාධක මගින් රුසියාව සහ චීනය සතු එක්සත් ජනපද අධිකරණ බල ප්‍රදේශයන්හි ඇති ඕනෑම වත්කමක් අත්හිටුවිය හැකි බවත්, ඔවුන් එක්සත් ජනපදයට ගමන් කිරීම වළක්වන බවත්, ව්‍යාපාරික ගනුදෙනු සඳහා තහනමක් පනවන බවත් එහි වැඩිදුරටත් සඳහන් වනවා.

මෙම සම්බාධක පැසිෆික් සාගරයේ නීති විරෝධී ධීවර කටයුතුවලට සම්බන්ධ යැයි කියන රුසියානු ආරක්ෂක අංශයේ ආයතන කිහිපයක් ඉලක්ක කරනු ඇති බව ද සදහන්.

රුසියානු බදු ගණකාධිකාරී සර්ජි මැග්නිට්ස්කි 2009 දී මොස්කව් බන්ධනාගාරයක දී රජයට දූෂණ චෝදනා එල්ල කිරීමෙන් පසු මිය යාමෙන් අනතුරුව  2012 දී එක්සත් ජනපද කොන්ග්‍රසය මැග්නිට්ස්කි පනත සම්මත කළා.

2016 දී,  එක්සත් ජනපද කොන්ග්‍රසය ගෝලීය මැග්නිට්ස්කි පනත සම්මත කර ගනිමින් නීති සම්පාදනය පුළුල් කරන ලද අතර, ඉන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ දූෂණයට සම්බන්ධ ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයෙකුට සම්බාධක පැනවීමට එක්සත් ජනපද රජයට ඉඩ සලසා තිබෙනවා.