Tuesday, April 30, 2024

General line - 0115112241

චීන ගුවන්යානා 24ක් නැව් 04 ක් තායිවාන සීමාවේ




සිය ගුවන් සීමාව උල්ලංඝනය කරමින් පියාසර කළ චීන හමුදාවට අයත් ප්‍රහාරක යානා 24 ක් පැය 24 ක කාලයක් තුලදී නිරීක්ෂණය කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම සිය මුහුදු සීමාව උල්ලංඝනය කරමින් යාත්‍රා කළ චීන හමුදාවේ නෞකා හතරක් ද නිරීක්ෂණය කල බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

ඉකුත් දෙසැම්බර් 31  වනදා උදෑසන 06 සිට ජනවාරි 01 වනදා උදෑසන 06 දක්වා කාලය තුළ එම චීන ප්‍රහාරක යානා සහ නෞකා නිරීක්ෂණය කළ බව ද තායිවානය සදහන් කළා.

චීන හමුදාවේ ගුවන් යානා 24න්, 15 ක් නිරීක්ෂණය කළේ සිය ගුවන් ආරක්ෂණ හදුනාගැනීමේ කලාපයේදී බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය අනාවරණ  කළා.

ඉන් තවත් ප්‍රහාරක යානා 12 ක් පියාසර කළේ තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා බවයි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

එමෙන්ම තායිවානයේ ගුවන් ආරක්ෂක හදුනාගැනීමේ කලාපයේ දී චීනයට අයත් සබ්මැරීන නාශක යානා ද නිරීක්ෂණය කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

චීන හමුදාවේ ප්‍රකෝපකාරී ක්‍රියා නිරීක්ෂණය සදහා තායිවාන හමුදාවේ ගුවන් යානා, නෞකා මෙන්ම මිසයිල ආරක්ෂ පද්ධතියක් ද යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.