Wednesday, May 1, 2024

General line - 0115112241

ඉන්දීය ආර්ථිකය තවත් ශක්තිමත් වෙයි




ඉන්දියානු සංචිත බැංකුවේ විදේශ විනිමය සංචිත තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 30 න් අවසන් වූ සතිය තුළ ඉන්දීය විදේශ සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 44කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඉන්දීය මහ බැංකු වාර්තාවලට අනුව දෙසැම්බර් 30 වනවිට එරට විදේශ සංචිත ප්‍රමාණය  අමෙරිකානු ඩොලර් බිලියන 562.85 ක්.

 ඉන්දීය මහ බැංකු වාර්තාවලට අනුව එරට රන් සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් මිලියන 354 සිට අමෙරිකානු ඩොලර් බිලියන 41.32 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

මේ අතර පසුගිය සතියේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දියානු රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

ඒ සියයට 0.2 ක අගයකින්.

යුක්රේන යුද්ධය සහ ගෝලීය අර්බුද මධ්‍යයේ ඉන්දියානු රුපියල තවදුරටත් ශක්තිමත්ව පැවතීම කැපී පෙනෙන තත්ත්වයක් බව ආර්ථික විචාරකයන් පෙන්වා දෙනවා.