Saturday, April 27, 2024

General line - 0115112241

තායිවානයෙන් චීනයට දොස්




සිය රට ආසන්නයේ සිදු කරන මහා පරිමාණ යුද අභ්‍යාස සම්බන්ධයෙන් තායිවානය, චීනයට දොස් පවරා තිබෙනවා.

තායිවානය පවසන්නේ චීනය තායිවාන සමුද්‍ර සන්ධිය   තුළ වර්ධනය වෙමින් ඇති යුදමය ත්ත්ත්වය උත්සන්න කරන බවයි.

චීනය ඉකුත්දා තායිවානය ආසන්නයේ මහා පරිමාණ යුද අභ්‍යාසයක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊට සමගාමීව චීනයට අයත් ප්‍රහාරක යානා 57 ක් තායිවාන සමුද්‍ර සන්ධිය මධ්‍ය රේඛාව හරහා පියාසර කළ බවට තායිවානය චෝදනා නගනවා.

ඊට අමතරව මුහුදු කලාපය තුළ ද තර්ජනාත්මක ලෙස චීන යුද නෞකා යාත්‍රා කරන අයුරු නිරීක්ෂණය කළ බවයි තායිවානය පවසන්නේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට අත්සන් තැබීමෙන් අනතුරුව චීනය, තායිවානය ආසන්නයේ දී සිදු කළ දෙවන විශාලතම යුද අභ්‍යාසය මෙය වනවා.

චීනයේ මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියා තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයට හා ස්ථාවරත්වයට බරපතල හානියක් බවයි තායිවානය පෙන්වා දෙන්නේ.