Sunday, May 5, 2024

General line - 0115112241

රාජ්‍ය නායකයින් තිදෙනෙකු පිළිගැනීමට ඉන්දියාව සැරසෙයි




2023 වසරේ පළමු කාර්තුව තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස කාර්යයබහුල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ රාජ්‍ය නායකයින් තිදෙනෙකු ඉන්දියාවේ නිල සංචාර සදහා සූදානමින් සිටින පසුබිමක් තුළයි.

ඉන්දියාව G20 සමුළුවේ සභාපතිත්වය දරණ අතර එවන් පසුබිමක් තුළ රාජ්‍ය නායකයින් පිළිගැනීමට සූදානම් වන බව ද ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව පළමුවෙන් ඉන්දියාවේ නිල සංචාරයකට සූදානම් වන්නේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්.

ඔහු ලබන මාර්තු මාසයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

ද්විපාර්ශවික සහයෝගිතාව වර්ධනය කර ගැනිම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේ ප්‍රධාන අරමුණ වනවා.

මීට අමතරව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ද ඉන්දීය සංචාරයක් සදහා සූදනමින් පසුවන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එහෙත් ප්‍රංශ ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණෙන දිනය මෙතෙක් නිල වශයෙන් අනාවරණ කර නැහැ.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර දෙරට අතර ආරක්ෂක ගිවිසුමක ද අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ජර්මානු චාන්සලර් Olaf Scholz ද නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණෙන බව එරට මාධ්‍ය වාර්තා සදහන් කළා.

එළඹෙන පෙබරවාරි මස අග භාගයේදී හෝ මාර්තු මස මුලදී හෝ ජර්මානු චාන්සලර්වරයා ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

එය ඔහුගේ පළමු ඉන්දීය සංචාරය වන අතර එහිදී ඔහු දිල්ලි නුවර සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර G20 විදේශ අමාත්‍යවරුන්ගේ හමුව ද එළඹෙන මාර්තු මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.