Sunday, April 28, 2024

General line - 0115112241

 ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන මාලදිවයිනෙන් පැසසුම්




ඉන්දියාවේ "අසල්වැසියා ප්‍රථමයෙන්" යන ප්‍රතිපත්තිය අගය කොට දක්වන බව මාලදිවයින පවසනවා.

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශාහීඩ් පැවසුවේ ඕනෑම අර්බුදකාරී අවස්ථාවක පළමුව ප්‍රතිචාර දක්වන්නේ ඉන්දියාව බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ඉකුත් දා මාලදිවයිනේ සංචාරයක නිරත වූ අතර එහිදී දෙපාර්ශවය අතර ක්ෂ්‍රේත්‍ර කිහිපයකට අදාළ ගිවිසුම් සදහා අත්සන් තැබුණා.

කොවිඩ් වසංගතය මධ්‍යයේ වුව ද ඉන්දියාව බොහෝ සෙයින් සහයෝගය ලබා දුන් බවත්, අත්‍යවශ්‍ය ඖෂධ සහ භාණ්ඩ අඛණ්ඩව සැපයූ බවත් මාලදිවයින් විදේශ කටයුතු  අමාත්‍යවරයා එහිදී සදහන් කළා.

ඉන්දියාව සහ මාලදිවයින දේශසීමාවලින් වෙන්වී තිබුණ ද යහපත් හිතමිතුරු සබදතා පවත්වමින් සිටින බව ද මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාවේ සහය ඇතිව මේවනවිටත් රට තුළ යටිතල පහසුකම් සංවර්ධන සදහා වන ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක බවයි මාලදිවයිඒ විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිඋ