Wednesday, May 8, 2024

General line - 0115112241

චීන එක්සිම් බැංකුවෙන් ශ්‍රී ලංකාවට සහනයක්




චීනයේ අපනයන - ආනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට සිය ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබාදෙන බව ලිපියක් මගින් දැනුම් දී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2 යි දශම 9 ක ණය සහනයක් ලබා ගැනීම සඳහා  චීනය ශ්‍රී ලංකාවට සහය පළ කර ඇති බවයි.

ඉන්දියාව ද මීට පෙර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහනයක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට සහය වන බව ප්‍රකාශ කළා. එහෙත් ඉන්දියාව ප්‍රකාශ කළේ ඒ සඳහා ශ්‍රී ලංකාවට චීනයේ සහය ද හිමිවිය යුතු බවයි.