Saturday, April 27, 2024

General line - 0115112241

අඛණ්ඩව විදුලිය දෙන්න තීරණය කරයි




අද දින සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන දින තෙක් අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී බලධාරීන් එකඟතාව පළ කර තිබෙනවා. ඒ, අද පස්වරු 4 ට අද පැවති සාකච්ඡාවේදීයි.

ඒ අනුව විදුලි සැපයුම අඛණ්ඩව ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට මානව හිමිකම් කොමිෂන් සභාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනාවක් කර තිබෙනවා. ඒ සඳහා වැයවන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේදී සිදුකිරීමට යෝජිත විදුලි මිල සංශෝධනයේදී ගෙවීම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව අදාළ මුදල් දින 60 ක් ඇතුලත ගෙවීමට සියලු පාර්ශව එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව මෙම එකඟවූ කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් අවශ්‍ය සම්බන්ධීකරණය හා පහසුකම් සැලසීමට මැදිහත්විය යුතු බවයි එහිදී දැනුම්දී ඇත්තේ. මෙම සාකච්ඡාවේදී එකඟවූ කරුණු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිර්දේශයක් ලෙස ඇතුලත් කරන අතර එම නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම එකඟතාව පළ කර තිබෙනවා.