Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දු - අමෙරිකානු ආරක්ෂක ප්‍රභලයින් අතර හමුවක්




ඉන්දීයාවේ ජාතික ආරක්ෂක උපදේශක Ajith Doval අමෙරිකාවේ සංචාරයක නිරත වනවා.

දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඊයේ අමෙරිකාවට පැමිණි ඔහු අද අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan හමුවුණා.

ධවල මන්දිරයේ දී අමෙරිකානු ආරක්ෂක උපදේශකවරයා විසින් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ මෙම ඉන්දියානු සංචාරයේදී දෙපාර්ශවය අතර පවතින ආරක්ෂක සහ ආරක්ෂක සහ තාක්ෂණික සහයෝගිතාව වර්ධනය කර ගැනීමට අපේක්ෂිතයි.

එහි ප්‍රතිලාභ දෙරටෙහි ජනතාවට මෙන්ම ආර්ථිකයට ද හිමිවනු ඇති බව අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා පවසනවා.

එමෙන්ම දෙරට එක්ව නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපය ඉදිරියට ගෙන යාමට දායක වන බවයි ඔහු සදහන් කර ඇත්තේ.