Friday, April 26, 2024

General line - 0115112241

සැම්බියාවේ කථානායක ඉන්දියාවේ සංචාරයක




Lසැම්බියාවේ කතානායක Nelly Mutti ඇතුළු නියෝජිතයන් පිරිසක් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

එම නියෝජිතයන් පිරිස ඉන්දීය පාර්ලිමේන්තුවට ද පැමිණ ඇති අතර එහිදී ඔවුන්ව පිළිගනු ලැබුවේ ඉන්දීය පාර්ලිමේන්තුවේ කතානායක Om Birla විසින්.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඔවුන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ද හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී දෙපාර්ශවය අතර ආර්ථික සහ සංවර්ධන සහයෝගිතාව තර කර ගැනීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුවූ බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

දෙරටෙහි ජනතාව අතර පවතින සබඳතා පුළුල් කළ යුතු බවට ද එහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජී 20 කණ්ඩායමේ මෙවර සභාපතිත්වය ඉන්දියාවට හිමිව තිබීම සහ එහිදී ඉන්දියාවේ කාර්යයභාරය සම්බන්ධයෙන් ද එහිදී දෙපාර්ශවයේ අවධානය යොමුව තිබුණා.

G20 සමුළුවේ දී අප්‍රිකානු රටවල් වෙනුවෙන් ද ඉන්දියාව හඬ නගන බවයි විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.