Monday, March 27, 2023

General line - 0115112241

වෛද්‍ය නිලධාරීන්ගේ තීරණාත්මක රැස්වීමක් අද




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති නව බදු සංශෝධනවලට එරෙහිව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා එම හදිසි රැස්වීම කැඳවා ඇති බවයි. 

ආණ්ඩුව සිය ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළා.