Wednesday, May 8, 2024

General line - 0115112241

රුසියාවේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් කඩිනමින් ඉන්දියාවට




රුසියාවේ නිෂ්පාදිත  S - 400 වර්ගයේ අති නවීන මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉක්මනින්ම ඉන්දියාවට ලබා දෙන බව රුසියාව පවසනවා.

ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් ඇලිපොව් මේ බව සදහන් කළේ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

මිසයිල ආරක්ෂණ පද්ධති ගණුදෙනුව සම්පූර්ණ කිරීම සදහා දේපාර්ශවයම සහයෝගයෙන් කටයුතු කරන බවත් එය වැළැක්වීමට කිසිවක්  නොමැති බවත් තානාපතිවරයා සදහන් කළා.

රුසියාව හිමිකාරීත්වය දරණ S - 400 වර්ගයේ අති නවීන මිසයිල ආරක්ශන පද්ධති 4 ක් ඉන්දියාව ඇණවුම් කර තිබෙනවා.

ඉන් මිසයිල ආරක්ෂන පද්ධති දෙකක් මේ වන විටත් ඉන්දියාව වෙත ලබා දී තිබෙනවා.

අනෙක් මිසයිල  ආරක්ෂන පද්ධති දෙක ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා ඉන්දියාවට ඇහුම්කන් දෙන බවත් ඉන්දීය සමග් සමීපව කටයුතු කරන බවත් ඉන්දියාවේ රුසියානු තානාපතිවරයා සඳහන් කළා.