Monday, May 6, 2024

General line - 0115112241

චීන නෞකාවක් ජපන් මූහුදට




චීන නාවික හමුදාවට අයත් නිරීක්ෂණ නෞකාවක් ජපන් මුහුදු සීමාවට ඇතුළු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ජපානයේ කගෝෂිමා දූපත් ආශ්‍රිතව මෙම චීන නෞකාව නිරීක්ෂණය වී ඇති බවයි.

කෙසේවෙතත් , ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ එවැනි චීන නෞකාවක් අදාළ ප්‍රදේශයේන් නිරීක්ෂණය වූයේ පසුගිය දෙසැම්බර් මාසයෙන් පසුව  පළමුවරට බවයි.

චීනයේ එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි ජපානය පවසන්නේ.

මේ අතර ජපානය සෙන්කාකු දූපත් ආශ්‍රිතව මුර සංචාර සිදු කරමින් සිටිනවා. ඒ සදහා ඔවුන්ගේ නෞකා මෙන්ම ගුවන් යානා ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.