Sunday, April 28, 2024

General line - 0115112241

වැටුණු වලෙන් ගොඩඑන හැටි මැතිව්ස් හෙළිකරයි (VIDEO)



එංගලන්ත කණ්ඩායම හමුවේ ටෙස්ට් හා එක්දින තරගාවලි පරාජය පත් වීමත් සමග නායකත්වය සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස්ගෙන් විදෙස් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කර තිබෙනවා.

එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ තමන් කිසිවිටෙකත් නායකත්වයෙන් පලා නොයන බවයි. එහිදී ඔහු දැක්වූ අදහස් පහතින් දැක්වේ

“හොඳ කාලයක් වගේම නරක කාලයකුත් තිබෙනවා. නායකයෙක් ලෙස මෙම කාලය මටත් අපහසු කාලයක්. ඒත් මම නායකත්වයෙන් පලා යන්නේ නැහැ.

මෙම ගැටලු සමග ගනුදෙනු කිරීමයි කළ යුතු වන්නේ මට ඉතා හොඳ ක‍්‍රීඩකයින් පිරිසක් සහාය දක්වමින් සිටිනවා.

ඒ වගේම මට හොඳාකාරයෙන්ම විශ්වාසයි අපි දවසින් දවස දියුණු වුණොත් අපට මේ වලෙන් ගොඩ එන්න පුළුවන්.

වර්තමානයේ ශී‍්‍ර ලංකා පිල සිටින ස්ථානයෙන් තවත් ඉදිරියට ගෙන යාමට උත්සහා ගන්නවා”.

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ලබන අඟහරුවාදා පැවැත්වෙනවා.