Sunday, May 5, 2024

General line - 0115112241

අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ චීන විදේශ ඇමති ඉන්දියාවට




ඉන්දියාව සභාපතිත්වය දරණ මෙවර G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ දෙවන දිනය අදයි. එම හමුව Rashtrapati Bhavan සංස්කෘතික මධ්‍යස්ථානයේ දී අද පැවැත්වෙනවා.

ඒ සඳහා රටවක් රැසක විදේශ අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 40 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර G20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මේවනවිට ඉන්දියාවට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම ඉන්දියාවේ ආරධනය පිළිගනිමින් චීන විදේශ අමාත්‍ය Qin Gang ද ඉන්දියාවට පැමිණ සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම මෙම සංචාරය අතරතුර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ චීන විදේශ අමාත්‍යවරයා ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සමග ද්විපාර්ශවික සාකච්ඡා සඳහා එළඹෙනු ඇතැයි වාර්තා වනවා.

මීට අමතරව සෞදිය, ඉන්දුනීසියාව, ස්පාඤ්ඤය, ක්‍රොඒෂියාව යන රටවල විදේශ අමාත්‍යවරුන් ද  අද අළුයම ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala ද විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.