Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවේ මිත්‍රත්වය ගැන අමෙරිකාවෙන් පැසසුම්




ඉන්දියාව යනු අපගේ ගෝලීය උපායමාර්ගික හවුල්කරුවෙක් බව අමෙරිකාව පවසනවා.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසුවේ අමෙරිකාවට ඉන්දියාව සමඟ පුළුල්, ගැඹුරු සබඳතාවක් පවතින බවයි.

අමෙරිකාව සෑමවිටම ඉන්දියාව සමඟ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පිළිබඳ දැක්මක් බෙදා ගන්නා බව ද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Quad සහ අනෙකුත් ජාත්‍යන්තර කණ්ඩායම්වලදී ඉන්දියාව ද්විපාර්ශ්විකව ඉන්දියාව ප්‍රධාන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ද මේවනවිට රැඳී සිටින්නේ ඉන්දියාවේයි.