Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවේ ප්‍රධානත්වයෙන් Quad සාමාජිකයින් හමුවෙයි




Quad හවුලේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සාර්ථකව අවසන් වුණා.ඉන්දියාව ඒ සඳහා සත්කාරකත්වය දැක්වූ අතර හමුව පැවැත්වුණේ නවදිල්ලියේදීයි.

Quad සාමාජිකයින් වන අමෙරිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය ඒ සඳහා එක්ව සිටියා. සාකච්ඡාව පැවැත්වුණේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර්ගේ ප්‍රධානත්වයෙන්.

අමෙරිකාව නියෝජනය කරමින් රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය පෙනී වොන්ග් සහ ජපානය නියෝජනය කරමින් එරට විදේශ අමාත්‍ය යිෂිමසා හයාෂි සාකච්ඡාව සහභාගී වුණා.

හමුවේදී ජාත්‍යන්තර තත්ත්වය සහ අනාගත දිශාව පිළිබඳ විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැති බවයි ජපාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ. 

ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයට අනුව ආසියාන් රටවල් සමඟ සහයෝගීතාවය සහ සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීමට ද සාමාජික රටවල් තීරණය කළ බව ජපානය පැවසුවා.

එමෙන්ම යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද Quad සාමාජිකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර ඉදිරියේදී ඉන්දියාව සමග සහයෝගිතාව වර්ධනය කර ගනිමින් කටයුතු කරන බවයි ජපානය පවසන්නේ.