Monday, May 6, 2024

General line - 0115112241

ඉන්දු - චීන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්




ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ චීන විදේශ අමාත්‍යැ චින් ගන්ග් අතර හමුවක් සිදුවුණා.

ඒ, ඉන්දියාවේ පැවැති G20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සමගාමීවයි.

එහිදී ඉන්දියාව සහ චීනය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවූ බවයි චීනයේ Xinhua පුවත් සේවය පැවසුවේ.

ඊට අමතරව තවත් ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව, ජනතාව අතර සහයෝගිතාව  සහ දේශසීමා තත්ත්වය කළමණාකරණය කිරීම පිළිබඳව ද අමාත්‍යවරුන් අතර සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

උපායමාර්ගික ද්විපාර්ශ්වික සබඳතා තේරුම් ගැනීමෙන් වැඩිදියුණු කළ යුතු බවයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් එහිදී පවසා ඇත්තේ.