Friday, March 29, 2024

General line - 0115112241

බිත්තර මිල අඩු කිරීමට කළයුතු දෙයක් නිෂ්පාදකයින් පෙන්වයි

උපේන්ද්‍ර සේරසිංහ




කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබාදුන්නේ නම් පිටරටින් බිත්තර ගෙන්වීමේ අවශ්‍යතාවක් මතු නොවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් රත්නායක පැවසුවේ රජය එළෙස කටයුතු කළේ නම් මේ වනවිට වෙළදපලේ බිත්තර හිගයක් ඇති නොවන බවයි.

වෙළදපලේ බිත්තර හිඟයක් මතුවීමට හේතු වූ කරුණුද මෙහිදී පැහැදිලි කෙරුණා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක.