Friday, April 19, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක්

නිහාල් සිරි ගම්ලත්




අයවැයේදී සඳහන් කළ පරිදි මෙම වසරේ අවසන් කාර්තුවේදී රාජ්‍ය සේවක දීමනා වෙනුවෙන් සුවිශේෂි සැලකිල්ලක් දක්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ අද පසුවරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අප්‍රේල් මසට අදාළ වැටුප ලබන 10වනදාට පෙර රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.