Saturday, July 27, 2024

General line - 0115112241

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් දින සියයකට වැසෙයි




නොරොච්චෝලේ තාප බලාගාරයේ 03වන  ජනන යන්ත්‍රය ජුනි මස 13වන දා සිට දින 100 ක කාලයක් අක්‍රීය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සදහා එම ජනන යන්ත්‍රය එලෙස අක්‍රීය කරන බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

නොරොච්චෝලේ බලාගාරයේ 03වන  ජනන යන්ත්‍රය එලෙස අක්‍රීය කලද කිසිදු විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීමට සැලසුම් කර ඇති බවද එම අමාත්‍යංශය සදහන් කළා.

මෙම වාරය සදහා අවශ්‍ය 30වන ගල් අගුරු නෞකාවේ ගල් අගුරු ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුවනවා. ඒ අනුව මෙම වාරය සදහා අවශ්‍ය සියළුම ගල් අගුරු තොග ලැබී ඇති බවයි විදුලි බල අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව ගල් අගුරු නොමැතිව ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ වලංගු නොවන බව ද විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කළා.