Sunday, September 8, 2024

General line - 0115112241

විදුලි බල, ඛණිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට ගැසට් කෙරේ




විදුලි බල, ඛණිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මීට අමතරව ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීමද අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවා මෙමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇතැයි සඳහන්.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මෙම සේවා ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය බවයි.

එමඟින් එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.