Friday, April 26, 2024

General line - 0115112241

IPL තරඟාවලියේ තීරණාත්මක තරඟයක් අද




ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් අතරයි.

මෙවර තරඟාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලැබූ කණ්ඩායම වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

එහෙත් අවසන් මහා තරඟයට සුදුස්සන් තෝරා ගැණෙන දෙවන වටයේ පැවති පළමු තරඟයෙන් ඔවුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.

IPL තරඟාවලි කොන්දේසි අනුව ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලැබූ කණ්ඩායම් දෙකට අවසන් මහා තරඟයට යාමට තවත් අවස්ථාවක් හිමිවනවා.

ඒ අනුව ගුජරාට් කණ්ඩාමට අද තරඟ වැදීමට සිදුවන්නේ අවසන් මහා තරඟයට සුදුස්සන් තෝරා ගැණෙන දෙවන වටයේ පැවති දෙවන තරඟයෙන් ජයගත් මුම්බායි කණ්ඩායම සමඟයි.

ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි 20 නායක දසුන් ශානක ගුජරාට් සංචිතය නියෝජනය කරනවා.

එහෙත් අද තරඟයේදී ඔහුට අවස්ථාවක් හිමිනොවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ, ඔහු සහභාගිවූ තරඟවලදී දක්ෂතා නොදැක්වීම හේතුවෙන්.