Wednesday, May 8, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය අතළග ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් නඩුවක්




අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් නඩුවකට පැටලී තිබෙනවා.

ඵ්, රහස් ලියකියවිලි වැරදි ලෙස පරිහරණය සහ ඒවා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධි චෝදනා ඵල්ල වීමත් සමගයි.

ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසු, ධවල මන්දිරයෙන් පිටවී යද්දී ඔහු අදාළ රහස් ලියවිලි අනවසරයෙන් රැගෙන ගොස් ඇති බවටයි චෝදනා ඵල්ල වී ඇත්තේ.

ඒ අනුව, ඔහු ලබන අඟහරුවාදා මියාමි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෑතකදී මෙලෙස චෝදනා ඵල්ල වූ දෙවන අවස්ථාව මෙයයි.

මීට පෙර අසභ්‍ය චිත්‍රපටි නිලියකට මුදල් වැය කල බවට ඔහුට ඵරෙහිව පසුගිය අප්‍රේල් මාසයේදී ද අධිචෝදනා යටතේ විමර්ශනයක් ආරම්භ කෙරුණා.

ඵය සැලකුනේ අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් එවැනි විමර්ශනයක් ආරම්භ කළ පළමු අවස්ථාව ලෙසටයි. 

2024 වසරේ දී අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වීමට සූදානමින් පසුවනවා.

එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි.

හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකුට මෙවැනි අත්දැකීමකට මුහුණපෑමට කිසිදු දිනෙක සිදුවේ යැයි අපේක්ෂා නොකළ බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.