Tuesday, May 7, 2024

General line - 0115112241

අධික උණුසුම හමුවේ ඉන්දියාවේ 54 දෙනෙකු මියයයි




ඉහළ යන උෂ්ණත්වය මධ්‍යයේ ඉකුත් පැය 72 තුළ උත්තර් ප්‍රදේශ්හි බලියා දිස්ත්‍රික් රෝහලේදී පුද්ගලයින් 54 දෙනෙකු මියගොස් තිබෙනවා.

අධික උණුසුම හමුවේ රෝගී වූ තවත් පුද්ගලයින් 400 ක් පමණ රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් රෝහල්ගත කරන රෝගීන්ගේ සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි උත්තර් ප්‍රදේශ් බලධාරීන් සඳහන් කළා.

දැඩි රස්නය හේතුවෙන් රෝහල් ගතවීම් ඉහළ යමින් පවතින බව ඔවුහු පවසති.

ප්‍රාන්තයේ බොහෝ ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක පමණ අගයක පවතින බවයි වාර්තා වන්නේ. 

හදිසි මරණ වැඩිවීම සහ උණ, හුස්ම ගැනීමේ අපහසුතා සහ වෙනත් ශ්වසන ගැටළු සහිත රෝගීන් රෝහල්වලට ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය කළේ.

පවතින තත්ත්වය හමුවේ උත්තර් ප්‍රදේශ්හි රෝහල්වල කාර්ය මණ්ඩලය සීරුවෙන් තබා ඇති බව ද සඳහන්.