පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසලදි ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
කාන්තාවක් ඇතුළු මිය ගිය පුද්ගලයින් 08 දෙනෙකුගේ සිරුරු පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එක් පුද්ලයෙකුගේ මෘත ශරීරයක් මනම්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද පොලිසිය පැවසුවා.
කඳුරුවෙල සිට කාත්තන්කුඩි දෙසට ධාවනය වූ අදාළ බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව කොටලීය පාලමෙන් ඉවතට පැන ඇළකට පෙරළිමෙන් අනතුර සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.