Saturday, July 27, 2024

General line - 0115112241

චීනයේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක්




චීනයේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ සිචුවාන් පළාතට බවයි.

එම පළාතේ ගංවතුරෙන් විපතට පත්ව සිටින පුද්ගලයින් 40,000 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිචුවාන් පළාතේ යාන් නගරයට පැය 14ක පමණ කාලයක් පුරා අඛණ්ඩව මිලිමීටර් 300 යි දශම 7 ක වර්ෂාපතනයක් ඇදහැලී ඇතැයි සඳහන්.

වර්ෂාව හමුවේ ගංවතුර සහ මඩ කඩා වැටීම් හේතුවෙන් නිවාස රැසක් විනාශ වී ඇති බව ද චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හෙනාන් පළාතේ ෂෙන්සු  නගරයට ද තද වැසි ඇදහැලෙමින් ඇතැයි සඳහන්.

එම ප්‍රදේශයට රතු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

චීන කාලගුණ බලධාරීන්ට අනුව ඉකුත් සඳුදා රාත්‍රියේ ජියැන්ග්සු පළාතේ ගුවන්යුන් ප්‍රදේශයට මිලිමීටර් 275 යි දශම 4 ක වැසි ඇදහැලී ඇති බවයි වාර්තා වුණේ.

චීනයේ මෙලෙස දැඩි වර්ෂාපතනය සහ දරුණු ගංවතුර තත්ත්වය පිළිබඳ වාර්තා වන්නේ ලෝකයේ තවත් රටවල් කිහිපයක් අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑමට ලක්ව ඇති පසුබිමක් තුළයි.

ඉන්දියාවට සහ පාකිස්තානයට ද මෝසම් වැසි ඇදහැලෙමින් පවතින අතර දේපළ හා ජීවිත හානි ද වාර්තා වනවා.

ලොව රටවලට දේශගුණික විපර්යාසවල බලපෑම දැඩිව බලපාමින් ඇති බවයි ජාත්‍යන්තර විචාරකයන් බිය පළ කරන්නේ.