Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාව සඳ අල්ලන්නත් සැරසෙයි




තාක්ෂණික වෙළඳපොල, සමාජ මාධ්‍ය, සිනමාව හා සංගීතයෙන් ලෝකය දික්විජය කළ ඉන්දියාව දැන් අභ්‍යවකාශ මෙහෙයුම් තුළ ඉතිහාසගතවීමට සූදානම් වනවා. ඒ, සිය 03 න් වන සඳ ගවේශණ මෙහෙයුම හරහායි.

එය නම් කර ඇත්තේ “චන්ද්‍රයාන් ත්‍රී” නමින්. මේ හරහා චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවය ආසන්නයට ගොඩබැසීමක් සිදුකිරීමටයි ඉන්දියාවේ අරමුණවී ඇත්තේ. අද කක්ෂගත කරන චන්ද්‍රිකාව අගෝස්තු 23 සහ 24 සඳ වෙත ළඟාවීමට නියමිතයි.
එය සාර්ථක වුවහොත් අමෙරිකාව, රුසියාව සහ චීනයට පසුව සඳ මත ගොඩබැසීමක් සිදුකළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇති. මෙම මෙහෙයුම සිදුකෙරෙන්නේ 2008 වසරේ ඉන්දියාව සිදුකළ පළමු සඳ මෙහෙයුමෙන් වසර 13 කට පසුවයි. “චන්ද්‍රයාන් 02” මෙහෙයුම ඉකුත් ජූලි මාසයේදී දියත් කෙරුණු අතර එය සාර්ථක වූයේ නැහැ. ඉන්පසුව සිදුකෙරෙන “චන්ද්‍රයාන් 03” මෙහෙයුම සඳහා ඉන්දියාව වැයකරන මුදල රුපියල් බිලියන 6 යි දශම 1 ක්.