Tuesday, September 17, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකයින්ගේ විවාදයට අදත් අපේක්ෂකයින් පස් දෙනෙක්




2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාද මාලාවේ දෙවන අදියර අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත් වෙනවා.

ඊට ජනපති අපේක්ෂකයින් 05 දෙනෙකු සිය පැමිණීම මේ වනවිටත් තහවුරු කර ඇති බවයි මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.


මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ මෙම විවාදයේ පළමු දිනය වූ ඊයේ දිනයේ ජනපති ධූර අපේක්ෂකයින් සිව්දෙනෙකුට වෙන්කර තිබුණ ද ඉන් තිදෙනෙකුම සහභාගී වූයේ නැහැ.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ජනපති ධූර අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනේත්‍රන් මහතා එලෙස විවාදයට එක් නොවූ අය වනවා.

මීට පෙර ඔවුන් විවාදයට එක්වන බවට තහවුරු කර තිබියදී එලෙස විවාදයට එක් නොවූ බවයි මාර්තු 12 ව්‍යාපාරය පැවසුවේ.

ඒ අනුව සර්ව ජන ජනපති ධූර අපේක්ෂක දිලිත් ජයවීර මහතා එක්කර ගනිමින් එම විවාදය පැවැත් වුණා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.


අද දිනයේ ද විවාදය පැවැත්වෙන්නේ පස්වරු 03.00ට සිට පස්වරු 05.00 දක්වා බවයි මාර්තු 12 ව්‍යාපාරය වැඩිදුරටත් පැවසුවේ.