Tuesday, May 21, 2024

General line - 0115112241

දිනපතා රටට අහිමි වන වන සම්පත




2011 - 2048 ජාතික භෞතික සැලැස්ම වෙනුවෙන් පරිසරයට විශාල හානියක් සිදු කිරීමට බලධාරීන් සූදානම්වන බව පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය පවසනවා.

එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ ගුවන් තොටුපළ 19ක්, වරායන් 44ක් සහ මහ නගර කලාප 06ක් ඉදි කිරීම වෙනුවෙන් ඉදිරියේදී දැවැන්ත පරිසර විනාශයක් සිදු විය හැකි බවයි.

අද වන විට එක් දිනකදී මෙරට වනාන්තරවලින් අක්කර 65ක් පමණ විනාශ වෙමින් පවතින බවද පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දුන්නා.

 

සැලසුම් සහගතව සිදු කරන මෙම පරිසර විනාශයට රජය වගකිව යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහක් කළේ.