අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල, ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී පසුගිය 02 වනදා රාත්‍රියේ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් අතරතුර තිදෙනෙකු ඝාතනය කිරීමට අදාලව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, එම සැකකරුවන් අද හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු වයස අවුරුදු 13ක් වන බාලවයස්කාර සැකකරු කිතුලන්ගොඩ රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
සය දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් අම්බලන්තොට, මාමඩල, ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ නිවසකට ගොස් තියුණු ආයුධවලින් පහරදී එම ඝාතන සිදුකර තිබුණා.
එලෙස ඝාතනයට ලක්වුයේ අවුරුදු 34, 39 සහ 45 යන වයස්වල පසුවන ඇලේගොඩ හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
සිද්දියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා.