Wednesday, February 5, 2025

General line - 0115112241

වී සඳහා අද රජයෙන් සහතික මිලක්




වී සඳහා අවම මිල ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

නිෂ්පාදන පිරිවැයට සියයට 30ක අගයක් එක් කරමින් එම මිල ගණනය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

වී සඳහා අවම මිල ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව එල්ල කළ චෝදනාවලට ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙහිදී ප්‍රතිචාර දැක්වූවා.

ගොවීන්ගේ වී අස්වනු සඳහා නිසි මිලක් ලබාගැනීමට ඉල්ලීම් සිදුකරමින් ආරම්භ කළ සටන ඉතිහාසයේ පළමුවරට මෙවර ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ.