Tuesday, February 4, 2025

General line - 0115112241

අතුරුදන් වූවන්ගේ ඥාතීන් උතුරේ විරෝධතාවක

මාධව කුලසූරිය




සිය අතුරුදහන් වූ ඥාතීන් නොමැතිව හා අහිමි වූ සිය ඉඩම් නොමැතිව නිදහසක් නොමැති බව පවසමින් අද උතුරු පළාතේ ඇතැම් ස්ථානවල  විරෝධතා සංවිධානය කර තිබුණා. 

අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් සහ දේශපාලන සංවිධාන එක්ව කිලිනොච්චිය නගරයේදී කළුකොඩි ඔසවා, කළුපටි පැළඳ විරෝධතාවක නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

යාපනය විශ්ව විද්‍යාලයේ ද කළුකොඩි ඔසවා සිසුන් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබෙනවා.
විරෝධතාවයට එක්වු අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පැවසූවේ යුද්ධය නිමාවී වසර 16ක් ගතවී ඇතත් තමන්ගේ අතුරුදහන් වූ ඥාතීන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවයි. 

අතුරුදහන් වූ තම ඥාතීන් නොමැතිව තමන්ට නිදහස සැමරීමක් කළ නොහැකි බවද ඔවුන් පැවසුවා.

වර්තමාන පාලනය හරහා ද උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසඳුමක් නොලැබෙන බවයි විරෝධතාවයට එක්වූවන් පවසා ඇත්තේ.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවය සඳහා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥාණම් ශ්‍රීධරන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ද එක්ව සිටි බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.