රෝග නිවාරණයේදී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් ලෙසම උපයෝගී කරගත යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ගාල්ල, කරාපිටිය ජාතික රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පසුගිය වසරේ රජයේ රෝහල්වලට වෛද්‍ය සැපයීම් ඒකකය හරහා ඉන්සියුලින් ඇතුළු දියවැඩියාව සම්බන්ධ ඖෂධ සැපයීම සදහා රුපියල් මිලියන 7,300ක පමණ මුදලක් වියදම් කර ඇති බව එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා එම මුදල් ප්‍රමාණය දෛනිකව ඉහළ යන බවද පැවසුවා.
එලෙස භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල් ප්‍රතිකාර සේවා සඳහා ඖෂධ මිලදී ගැනීමට වැඩි වැඩියෙන් යෙදවීම සඳහා කටයුතු සැලසුම් කරනවා වෙනුවට හැකි සෑම අවස්ථාවකම රෝග නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
එමෙන්ම නිරෝගී ජාතියක් උදෙසා රෝග නිවාරණය හා ප්‍රතිකාර කිරිමේ දී ඖෂධවලින් එහා ගිය ලෝකයක් තිබෙන බව අවබෝධ කර ගත යුතු බවත්, ප්‍රතිකාර හා රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් ලෙසම උපයෝගී කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී සඳහන් කළා.