Sunday, September 8, 2024

General line - 0115112241

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද ගැන මැතිසබයේදී සංවාද




සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතවුණා. ඒ, මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කිරීම හේතුවෙන්. 

ඊට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් නිදහස් සෞඛ්‍ය සේවයට සැලසුම් සහගතව පහරදීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. 

පේරාදෙණිය රෝහලේදී මියගිය 21 හැවිරිදි තරුණියට එම රෝහලේදී ලබාදුන් එන්නත් වර්ගය තවත් විශාල පිරිසකට ලබාදී ඇතත් ගැටළුකාරී තත්ත්වයක් මතුව නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. 

රට තුළ ඖෂධ හිඟයක් මතුවීමට ප්‍රධානතම හේතුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ මන්දගාමී ක්‍රියා පිළිවෙත බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර එහිදී මන්ත්‍රීවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.