Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය ආයතනයකට පැනවූ තහනමට විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් විරෝධය




තෝරාගත් මාධ්‍ය ආයතනයක් සඳහා තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණයට, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සිය විරෝධය පළ කරනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකරමින්. එහි දැක්වෙන්නේ මෙවැනි වාරණ හරහා මාධ්‍ය නිදහසට බලපෑම් සිදුවන බවයි. 


මාධ්‍ය ආයතනයක් ඉලක්ක කරගෙන මෙවැනි වාරණයන් පැනවීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුව ඇති බවද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය පවසනවා. නිදහස් මාධ්‍යයේ මූලධර්ම හා භාෂනයේ නිදහස තරයේ විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් දැඩි පියවර ගැනීමට සූදානම් බවයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.