නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අද ගිලිහී ගියා. ඒ, අද පැවති පළමු අවසන් පූර්ව තරඟයෙන් පකිස්ථානය හමුවේ ලකුණු 60කින් පරාජයට පත් විමත් සමඟයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන ් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 322ක් රැස් කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 262ක් පමණයි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සහ සහන් ආරච්චිගේ ලකුණු 97 බැගින් රැස් කළා.