Sunday, September 8, 2024

General line - 0115112241

තවත් ඉන්දු පකිස්ථාන අවසන් මහා ක්‍රිකට් තරඟයක්




නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට ඉන්දියාව සහ පකිස්ථානය සුදුසුකම් ලබා ගත්තා.


ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 60කින් පරාජයට පත් කරමින් පකිස්ථානය අවසන් මහා තරඟයේ සුදුසුකම් ලබා ගත්තා.

ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් බංග්ලාදේශය ලකුණු 51කින් පරාජය කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාවට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි. එහෙත් බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 160කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි වුණා.
ඒ අනුව, ඉන්දියාව සහ පකිස්ථානය සහභාගී වන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන ඉරිදා පැවැත්වෙනවා.