Sunday, September 8, 2024

General line - 0115112241

ත්‍රිපෝෂ අවශ්‍යම දරුවන් කාණ්ඩයට ත්‍රිපෝෂ නැතිවෙයි




මාස 06 ත් අවුරුදු 03 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම අත්‍යවශ්‍ය බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පවසනවා. එම වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට ත්‍රීපෝෂ ලබාදීම අත්අහිටුවීමට ගත් තීරණ කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඇය සඳහන් කළේ.

මාස 06 ත් අවුරුදු 03 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම අත්‍යවශ්‍ය නොවන බව පවසන පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බවද ඇය සඳහන් කළා.