රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හමුවේ චීන කොන්සාල් කාර්යාලයකට හානි සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. එලෙස ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ යුක්රේනයේ ඔඩෙසා වරාය නගරයේ පිහිටි චීන කොන්සාල් කාර්යාලය බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව හෝ චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.