ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන ආපදා කළමණාකරණ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ එම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 41 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
තුවාල ලබා ඇති පුද්ගලයින් ගණන 74ක්.
කාබුල් අගනුවර, මයිඩාන් වර්දක් සහ ඝස්නි යන පළාත්වල එම හදිසි ගංවතුර තත්ත්වය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සැඩ පහරට හසුව ගවයින් 250 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.